වසරේ මේ දක්වා කාල සීමාව තුළ සිදු වූ ඩෙංගු මරණ සංඛ්‍යාව 75ක් දක්වා ඉහළ ගොස් ඇතිබව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි . එහි දත්ත අනුව වන විට වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 98,616ක් වන අතර, එහි මරණ අනුපාතය 0.076% ක් ලෙස දක්වෙයි .
සමස්ත රෝගීන්ගෙන් 52.62% ක් බස්නාහිර පළාතෙන් වාර්තා වූ බවත්, දෙවනුව වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ දකුණු පළාතෙන් වන බවත් එම ඒකකය පවසයි . එම සංඛ්‍යාව රෝගීන් 14,209 කි .