ජපානයේ ප්‍රබල භූමිකම්පාවක්

ජපානයේ දකුණු දිග කුමමොතෝ (Kumamoto) ප්‍රදේශයේ අද (28) සිදුවූ රික්ටර් මාපකයේ 7.1ක ප්‍රබල භූ කම්පනයක් හේතුවෙන් විශාල හානියක් සිදුවී තිබේ. ඉන් පුද්ගලයින් 50 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

සාප්පු සංකීර්ණයක් ඇතුළු ගොඩනැගිලි කිහිපයක් කඩා වැටී හෝ ගිනිගෙන ඇති අතර ඓතිහාසික කුමමොතෝ බලකොටුවේ තාප්පවලටද හානි සිදුවී ඇති බවවිදෙස් මාධ්‍ය පවසයි.

නිවාස 40,000 කට පමණ විදුලිය විසන්ධි වී ඇති අතර ජංගම දුරකථන සේවාවලටද බාධා එල්ල වී ඇත. අධිවේගී දුම්රිය ඇතුළු සියලුම දුම්රිය සේවා නතර කර ඇති අතර කුමමොතෝ ගුවන්තොටුපළේ ධාවනපථ වසා දමා ඇත.

ආරක්ෂිත පියවරක් ලෙස Sony සහ Fujifilm වැනි ප්‍රමුඛ සමාගම් සිය සේවකයින් කර්මාන්තශාලාවලින් ඉවත් කර තිබේ. සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කළද, පසුව එය ඉවත් කර ඇත

කෙසේ වෙතත් භූ කම්පනය සිදුවු ප්‍රදේශයේ පිහිටා ඇති ඇති න්‍යෂ්ටික බලාගාරවලට හානියක් සිදුවී නොමැති බව එරට රජය පවසයි.