එල්නිනෝ හමුවේ ජලය සහ විදුලිය ප්‍රවේසම් කරන්නැයි ඉල්ලීමක්

සක්‍රීයව පවතින ‘එල් නිනෝ’ කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉදිරි මාස කිහිපය තුළ දිවයින පුරා තද උණුසුම් කාලගුණයක් සහ අඩු වර්ෂාපතනයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව පවතින තත්ත්වය සලකා ජලය සහ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස බලධාරීහු මහජනතාවගෙන් ඉල්ලා සිටිති.

මෙම එල් නිනෝ තත්ත්වය තවත් මාස 8 සිට 10 දක්වා, එනම් 2027 මාර්තු හෝ අප්‍රේල් දක්වා පැවැතීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න සඳහන් කරයි .

ඉදිරි දින කිහිපයේදී සබරගමුව, බස්නාහිර, වයඹ, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන ප්‍රදේශවලට යම් වර්ෂාපතනයක් ලැබිය හැකි වුවද, උතුර, උතුරු මැද, නැගෙනහිර සහ හම්බන්තොට යන ප්‍රදේශවල ජූලි අග සිට අගෝස්තු මුල දක්වා අධික වියළි හා උණුසුම් කාලගුණයක් පවතිනු ඇත.