ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලාංකිකයෙකුගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 5000 සිමාව ඉක්මවා තිබෙන බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ පැවසීය . ඔහු මේ බව පැවසූවේ පාර්ලිමේන්තුවේ අද අදහස් පළ කරමිනි.
“දශක ගණනාවක් මේ පාර්ලිමේන්තුව නියෝජනය කරලා, අමාත්‍යාංශ හසුරුවලා, රට විනාශ කරපු බංකලොත් කරපු රටක් තමයි අපි භාරගත්තේ. දැන් අපිට ඇවිත් උපදෙස් දෙනවා ප්‍රගති වාර්තාව, එල් බෝඩ් එක ගැන. ඔවුන්ගේ දේශපාලන පක්ෂත් දැන් විනාශ වෙලා නන්නත්තාර වෙලා යනඑන මං නැතිවී තිබෙනවා.
අපි රට භාර අරගෙන එක අවුරුද්දක් ඇතුළත, පහුගිය අවුරුද්දේ ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතය ඩොලර් බිලියන 109 ආසන්නයට ළං වුණා. ඒ වගේම ඉතිහාසයේ පළවෙනි වතාවට අපේ රටේ ඒක පුද්ගල ආදායම ඩොලර් 5000 ඉක්මවලා තියෙනවා.” ඔහු පැවසීය.