ආරක්ෂක සහයෝගීතා ගිවිසුම ගැන සාකච්චාවකට ඉන්දීය ආරක්ෂක ඇමති ශ්‍රී ලංකාවට පමිණේ .

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා එළඹෙන 09 සහ 10 යන දෙදින මෙරට සංචාරයක නිරතවීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි .

රාජ්නාත් සිංගේ මෙරට සංචාරය තුළදී ජනාධිපති අනුර කුමාර දිසානයක, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් සම්පත් තුයියකොන්තා හමුවීමටද නියමිත බව පැවසේ .

පසුගිය වසරේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සචාරය අතරතුර අත්සන් කරන ලද ඉන්දු – ලංකා ආරක්ෂක සහයෝගීතා ගිවිසුම ක්‍රියාත්මක කිරීම පිළිබඳ මෙම සංචාරයේදී සමාලෝචනය කරනු ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ .