භාණ්ඩ ආනයනයේදී විදේශ මුදල් ගෙවීමේ කටයුතු වඩාත් කාර්යක්ෂමව අධීක්ෂණය කිරීම සඳහා රජය නව නියාමන ක්‍රමයක් හඳුන්වාදීමට රජය කටයුතු කර ඇත . මෙම නව ක්‍රමවේදය අද (19) සිට ක්‍රියාත්මකවන අතර ඊට අදාල දෙමින් නිවේදනයක් නිකුත් කර තිබේ.
මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කළ නව ගැසට් නිවේදනයටා අනුව, ආනයන ගනුදෙනු සඳහා සිදු කරන සෑම ගෙවීමකටම අදාල බැංකු මඟින් විශේෂ ගනුදෙනු අංකයක් ලබා දීම අනිවාර්ය වෙයි . එමෙන්ම එම ගනුදෙනුවට අදාල සියළු තොරතුරු ශ්‍රී ලංකා රේගුව වෙත දැනුම් දීමද නව නීතිය මගින් අනිවාර්ය කර ඇත.
ඒ අනුව ආනයනකරුගේ බදු හඳුනාගැනීමේ අංකය (TIN), ලිපිනය, ප්‍රතිලාභියාගේ තොරතුරු, බැංකු හා ශාඛා කේත, ගෙවීම් මුදල, මුදල් ඒකකය, ගෙවීම් සහ භාරදීමේ කොන්දේසි, ගෙවීම් දිනය, Proforma Invoice අංකය සහ ආනයනය කරන භාණ්ඩ විස්තර ඇතුළු තොරතුරු බැංකු මඟින් රේගුව වෙත ලබා දිය යුතුය.
එමෙන්ම, භාණ්ඩ ආනයනය සඳහා අත්තිකාරම් ගෙවීම් සිදු කිරීමට පෙර ආනයනකරුවන් ශ්‍රී ලංකා රේගුවේ සුදුසුකම් ලත් ආනයනකරුවෙකු ලෙස ලියාපදිංචි වීම අනිවාර්ය වන අතර, එලෙස ලියාපදිංචිය නොමැති ආනයනකරුවන් සඳහා වාණිජ බැංකුවලට අත්තිකාරම් ගෙවීමට අවසර නොලැබෙයි . මෙමගින් විනිමය ගලායම නිසි නියාමනයකට ලක් කිරීම රජයේ අපේක්ෂාව බව පැවසේ .