විමල් වීරවංශට වරෙන්තු .

හිටපු අමාත්‍ය විමල් වීරවංශ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින් අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත .

ඒ 2016 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ ශ්‍රී ලංකා සංචාරයට විරෝධය පළ කරමින් කොළඹ තුම්මුල්ලේ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ආසන්නයේ පැවති උද්ඝෝෂණයකට අදාළ නඩුවකට අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනි .

2016 වසරේදී සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය අවට මාර්ග අවහිර කරමින් මහජන ප්‍රවාහනයට බාධා කිරීම සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලීසිය විසින් මෙම නඩුව පවරා ඇත .