දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම සහ දොඩංගොඩ අතර සිදු වූ බිහිසුණු රිය අනතුරක් සිදුව ඇත .
පාසල් දරුවන් රැගෙන යමින් තිබූ බස් රථයක් සහ කැබ් රථයක් ගැටී ඇති අතර ඒත් සමගම පසුපසින් පැමිණි තවත් වාහන කිහිපයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. මෙම අනතුරින් තුවාල ලත් පාසැල් සිසුන් කිහිප දෙනෙක් ඇතුළුව දස දෙනෙක් පමණ රෝහල්ගතකර ඇති බව වාර්තා වේ .
අනතුරට පත් වාහන අතර බස් රථ දෙකක් සහ මෝටර් රථ 6ක් ද වන බව පොලිසිය පවසයි . අනතුරින් පසු ගාල්ල සිට කොළඹ දක්වා ගමන් ගන්නා වාහන දොඩම්ගොඩ පිටවීමේ දොරටුවෙන් හරවා යැවීමට පොලීසිය කටයුතු කර තිබේ.