ඩුබායි සිට මෙරටට රැගෙන ආ බව කියන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික්ගේ පියා වන අබ්දුල් රසාක් මෙහෙමඩ් පාසික් මධ්‍යම අපරාධ විමර්ශණ කාර්යංශය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගම්පහ ප්‍රදේශයේ සුඛෝපභෝගී නිවසක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා. මෙම නිවස මිලදී ගැනීම පිළිබඳව සිදුකළ විමර්ශණයන්ට අදාලව ප්‍රකාශයක් ලබා දීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට පැමිණීමෙන් අනතුරුව, ඔහු මෙලෙස අත් අඩංගුවට ගෙන තිබේ .