පාකිස්ථානය පරදා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල ආසියානු කුසළානයේ අවසාන තරගයට සුදුසුකම් ලබයි.

පාකිස්ථාන පිල කඩුළු 4 කින් පරාජය කරමින් ශ්‍රී ලංකා පිල කාන්තා ආසියානු කුසලානයේ අවසන් මහා තරගය සඳහා ඊයේ (11) සුදුසුකම් ලැබීය.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනාවෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කුඩුලු 05ක් දැවී ලබාගත් ලකුණු 130 ක් ලබාගන්නා ලදි .

තරගයෙන් ජයගැනීම සඳහා ලකුණු 131ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18.4ක් තුළ කඩුලු 06ක් පමණක් දැවී තරගයේ ජය වාර්තා කළහ. ඒ අනුව ශ්‍රී ලංකා පිල ලබන ඉරිදා (13) ඉන්දියාව සමඟ පැවැත්වෙන අවසන් මහා තරගය සඳහා සහභාගී වීමට නියමිතය .