හෝමාගම පොලිස් ස්ථානයේ අත්අඩංගුවේ පසුවූ සැකකරුවෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් නිසි අධීක්ෂණයක් සිදු නොකිරීම සහ රාජකාරී පැහැර හැරීමේ චෝදනා මත, හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂක එම්.ආර්.එස්. ප්රජාන් සේනානායකගේ සේවය වහාම ක්රියාත්මක වන පරිදි අත්හිටවා ඇති බව වාර්තාවේ .
පසුගිය ඔක්තෝබර් 25 වැනිදා හෝමාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අයිස් මත්ද්රව්ය මිලිග්රෑම් 490 ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනා මත පී.ඩී. ඉෂාර හර්ෂ කුමාර නමැති සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි. එම තරුණයා පොලිස් අත් අඩංගුවේදී සිදුවූ තුවාල සහිතව හෝමාගම රෝහලට ඇතුළත් කරන ලදුව මියයන ලදි .
එම සිදුවීමට අදාළව සිදුකළ විමර්ශනවලදී මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා අතින් බරපතළ රාජකාරී පැහැර හැරීම් සිදුව ඇති බව අනාවරණය වීම හේතුවෙන් ඔහුගේ සේවය වහාම ක්රියාත්මකවන පරිදි අත්හිටවා ඇත.
සැකකරු සිරමැදිරියේ රඳවා තැබීමේදී ඔහු පිළිබඳව සොයා බලා විමර්ශන නිලධාරීන්ට ඉදිරි කටයුතු සඳහා නිසි උපදෙස් ලබා දී නොමැති වීම, සැකකරුගේ තත්ත්වය නිසි ලෙස පරීක්ෂා නොකිරීම සහ අත්අඩංගුවට ගැනීමට අදාළ සටහන් නිවැරදිව යොදා ඇද්දැයි අධ්යයනය කරමින් නිසි අධීක්ෂණයක් නොකිරීම යන චෝදනා මත මෙම පියවර ගෙන තිබේ.