මිලියන 450 ක කොකේන් රැගෙන ආ ඉන්දීය ඉංජිනේරුවා අත්අඩංගුවට

ඊයේ කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේදී ශ්‍රී ලංකා රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් ඉන්දියානු ජාතික ඉංජිනේරුවා සතුව තිබූ කොකේන් සහ මත්පෙති තොගයෙ මුළු වටිනාකම රුපියල් මිලියන 454 කට ආසන්න බව රේගු ආරංචිමාර්ග පවසයි .

වෘත්තියෙන් ඉංජිනේරුවරයකු වන 46 හැවිරිදි මෙම ඉන්දියානු ජාතිකයා පැරිස් නුවර සිට දෝහා හරහා දිවයිනට පැමිණ ඇත . වැඩිදුර විමර්ශන සඳහා ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් මෙම මගියා රඳවාගෙන ඇත.

අත්අඩංගුවට ගත් තොගයට ඇස්තමේන්තුගත වටිනාකම රුපියල් මිලියන 256 ක් වන කොකේන් කිලෝග්‍රෑම් 5.121 ක් සහ රුපියල් මිලියන 198 ක වටිනාකමකින් යුත් එක්ස්ටසි පෙති 23,000 කට ආසන්න ප්‍රමාණයක් (බර කිලෝග්‍රෑම් 13.173 ක්) ඇතුළත් වේ.