”සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත අත්තනොමතිකව සැකසූ එකක්” හියුමන් රයිට් වොච් කියයි .

යෝජිත සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත මගින් පොලිසිය විසින් ලබාගන්නා පාපොච්චාරණ මත පදනම්ව දඬුවම් නියම කිරීමට ඉඩ සැලසෙන බවත්, එමගින් වධහිංසා පැමිණවීම් දිරිගැන්විය හැකි බව හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ ආසියානු කළාපීය අධ්‍යක්ෂ එලෙන් පියර්සන් පවසයි .

එමෙන්ම මෙම පනත මගින් අත්තනෝමතික රඳවා තබාගැනීම්, වධහිංසා පැමිණවීම් සහ අනෙකුත් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සිදුවීමේ අවදානමක් පවතින බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පෙන්වා දෙයි .

නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පෙන්වා දෙන්නේ, ප්‍රමාණවත් අධිකරණ අධීක්ෂණයකින් තොරව පුද්ගලයන් දිගු කාලයක් රඳවා තබාගැනීමට මෙම පනත් කෙටුම්පත මගින් ඉඩ සැලසෙන බවත්,
අපරාධයක් සිදුකළ බවට සාක්ෂි නොමැති අවස්ථාවලදී පවා එවැනි රඳවා තබාගැනීම් සිදුවීමේ අවදානමක් පවතින බව එම සංවිධානය අවධාරණය කරනවා.

තවද, මෙම පනත් කෙටුම්පත දැනට පවතින ආකාරයෙන්ම සම්මත වුවහොත්, ශ්‍රී ලංකාවේ මීට පෙර ක්‍රියාත්මක වූ සමාන නීති හේතුවෙන් සිදුවූ ආකාරයේ බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් යළිත් ඇතිවීමේ අවදානමක් පවතින බව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.