22 ට එරෙහි පෙත්සම් විභාගය අද යළි ඇරඹේ .

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පෙත්සම් විභාගය අද(02) දෙවැනි දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සිදු කිරීමට නියමිතය .

අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම් විභාගය ඊයේ ආරම්භ විය .

ඊයේ (01) දිනයේදී පෙත්සම් ඉදිරිපත් කළ පාර්ශව කිහිපයක් වෙනුවෙන් නීතිඥයින් අධිකරණයට කරුණු දැක්වූ අතර, නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න කරුණු ඉදිරිපත් කළේය .