සිමෙන්ති මිල වැඩිවෙයි .

නිෂ්පාදන පිරිවැය ඉහළ යෑම හේතුවෙන් සිමෙන්ති සමාගම් විසින් කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100 කින් ඉහළ නංවා ඇත.

මෙම මිල සංශෝධනයත් සමඟ මීට පෙර රුපියල් 2,100 ත් 2,250 ත් අතර පැවති කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 2,200 ත් 2,350 ත් දක්වා ඉහළ ගොස් තිබේ.

සිමෙන්ති නිෂ්පාදනයට අදාළ පිරිවැය ඉහළ යෑම හමුවේ මෙම මිල ඉහළ නැංවීම වැළැක්විය නොහැකි වූ බව අදාළ සමාගම් පවසයි.

මෙම මිල ඉහළ යෑම හේතුවෙන් ගොඩනැගිලි ඉදි කිරීමේ පිරිවැය තවදුරටත් ඉහළ යයි.