අතුරුගිරියේ වෙඩි තැබීමේ සැකකරුවෙක් අත්අඩංගුවට .

අතුරුගිරිය, මලවියාකන්ද පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පසුගියදා(17) වෙඩි තබා බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ . මෙම අපරාධයට ආධාර අනුබල දුන් බවට සැකපිටයි ඔහු ඊයේ(01) අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුගෙන් අනාවරණය වූ තොරතුරු මත, අපරාධය සඳහා සැකකරුවන් පැමිණි බව කියන ව්‍යාජ අංක තහඩු සවිකළ යතුරුපැදිය ඔහුගේ නිවසේ තිබියදී සොයාගෙන ඇති අතර, එම ව්‍යාජ අංක තහඩු මීට පෙර දෙහිවල ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියකටද සම්බන්ධ බවට අනාවරණය වී තිබෙනවා.

මෙම අපරාධය විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් මෙහෙයවා ඇති බවටද අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරයි.