බැබව උද්දරකන්ද වන සංරක්ෂිත කළාපයේ ජීවී වන සතුන් සහ අජීවී සත්ව කොටස් එකතු කරමින් සිටියදී වනජීවී දෙපාර්තමේන්තු නිළධාරීන් විසින් අත්අඩංගුවට ගත් ජර්මන් ජාතිකයන් දෙදෙනා, ඔවුන්ගේ මගපෙන්වන්නා ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු ඊයේ (06) තිස්සමහාරාම මහේස්ත්රාත් අධිකරණය හමුවට පමුණවනු ලැබීය.
එහිදී ජීවී වන සතුන් සහ අජීවී සත්ව කොටස් එකතු කළ ජර්මන් ජාතිකයන් දෙදෙනා, ඔවුන්ගේ මගපෙන්වන්නා ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු එම චෝදනාවන්ට වරද පිළිගන්නා ලදි .
අනතුරුව ඔවුනට රුපියල් කෝටියකට අධික දඩ මුදලක් නියම කරනාලද අතර, එම දඩ මුදල එළඹෙන නඩු වාරයේ දී සම්පූර්ණයෙන් ගෙවන ලෙසද නියෝගකළේය . ඒ අනුව දඩමුදල් ගෙවීම සඳහා එම නඩුව නැවත එළඹෙන 13 වන දින කැඳවීමටද නියොග කළේය .
අධිකරණය හමුවේ වරද පිළිගත් සැකකරුවන්ට රුපියල් 10,692,000.00 ක දඩ මුදලක් නියම කිරීමෙන් අනතුරුව ඔවුන් රුපියල් ලක්ෂ 50 සහ 60 බැගින් වූ ශරීර ඇප මත නිදහස් කරනා ලදි . වැරදිකරුවන්ට විදෙස් ගමන් තහනමල පනවන ලද අතර, ආගමන විගමන පාලක වෙත දැනුම් දී තහවුරු කිරීමෙන් අනතුරුව ගමන් බලපත්ර නිදහස් කරන ලෙස ද නඩු භාණ්ඩ රාජසන්තක කිරීමටද මහේස්ත්රාත්වරයා නියෝග කළේය .
මෙම නඩුව මෙහෙයවීමේ කටයුතු වනසත්ත්ව අඩවි ආරක්ෂක කේ.ඩි.එන් මුතුකැළුම්ගේ ප්රධානත්වයෙන් වනසත්ත්ව අඩවි ආරක්ෂක තරංග ධම්මික සහ නලින්ද පෙරේරා , වනසත්ත්ව අඩවි සහකාර කසුන් සෝමසිරි සහ හෂාන් හෙට්ටිආරච්චි යන වනජීවී නිලධාරීන් විසින් සිදුකරනා ලදි .