ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් ලබන මස 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මඩකලපුව මහේස්ත්‍රාත් ඒ. තර්ෂිනී අද නියෝග කළාය.
2008 වසරේ මඩකලපුව කල්ලඩි ප්‍රදේශය ඇතුළු ස්ථාන කිහිපයක සිදුවූ ඝාතන පහක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පිල්ලයාන් ඇතුළු පිරිසකට එරෙහිව නඩු පවරා ඇති අතර, එම නඩුවේ චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය පිල්ලෙයාන්ට චෝදනා එල්ලවී ඇත.