කුප්පියාවත්තේ වෙඩිතැබිම වනාතෙ චතූගේ වැඩක් .

ඊයේ (23) පස්වරු 6.35ට පමණ දෙමටගොඩ, කුප්පියාවත්ත ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීම වනාතේ චතූ නම් අපරාධකරුගේ පාර්ශ්වය විසින් මෙහෙයවනු ලැබූ එකක් බවට පොලීසිය සැක පළකරයි.

වෙඩික්කරුගේ ඉලක්ය වී තිබුණේ දිනෝද් වරුණ බණ්ඩාර නම් බොරැල්ල, වනාතමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම පුද්ගලයා පසුගිය වසරේ ජූලි මාසයේදී බොරැල්ලේ සිදු වූ වෙඩිතැබීමක වෙඩික්කරුට ගිනිඅවිය ලබාදුන් පුද්ගලයා බව පොලීසිය පවසයි.

එම සිද්ධියට ඔහු රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇපමත නිදහස්ව සිටින අතර ඔහු මේවන විට පොලිස් අත්අඩංගුවේ පසුවන වනාතේ දුමින්ද නම් අපරාධකරුගේ සමීපතමයෙක් බව වාර්තා වේ.

වෙඩි තැබීමෙන් ලද තුවාල හේතුවෙන් ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකර ලබමින් සිටියි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසයට අනුව වසරේ මේ දක්වා කාලය තුළදී වෙඩිතැබීම් 21 ක් සිදුව ඇති අතර ඉන් 14 දෙනෙකු මියගොස් 12 දෙනෙකු තුවාල ලබා ඇත .