නීතීඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හිටපු හොරණ ආසන සංවිධායක ලෙස කටයුතු කළ චරිත් අබේසිංහ සහ සිවිල් ගුවස්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂකවරයෙකු වන අරුණ වරුණහැන්දිගේ යන තිදෙනා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබේ.
ඒ සැකකරුවන් අද (17) පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය. ඒ අනුව සැකකරුවන් තිදෙනා එළැඹෙන 28 වැනිදා දක්වා යළි රිමාන්ඩ් භාරයේ තැබීමට අධිකරණය නියෝග කළේය.
සංවිධානාත්මක ජාවාරම්කරුවෙක් වන නදුන් චින්තක නමැත්තාට බන්ධනාගාරය තුළදී පහසුකම් සපයීම වෙනුවෙන් කෝටි ගණනක අල්ලසක් ලබාගැනීම සම්බන්ධයෙන් මෙම තිදෙන අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදි .