BBC, Ikea සහ Air France ඇතුළු ලොව පුරා ප්රමුඛ පෙළේ වෙබ් අඩවි 200කට ආසන්න සංඛ්‍යාවක් එකම දිනයකදී සයිබර් ප්‍රහාරවලට ලක්ව ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කරයි . පරිශීලකයින්ගේ මූල්‍ය තොරතුරු සොරකම් කිරීමට සහ Apple උපාංගවල ආරක්ෂාවට ක්‍රියාත්මක මෘදුකංග සඳහා හානි සිදු කිරීමට හැකර්වරුන් උත්සාහ කිරීම මෙයට හේතුව ලෙස හඳුනාගෙන ඇත .
තාක්ෂණික පුවත් ආයතනයක් වන ‘Cyber News’ හි වාර්තාවක් උපුටා දක්වමින් AFP පුවත් සේවය අඟහරුවාදා (නොවැම්බර් 17) වාර්තා කළේ, ‘Optimizely’ නම් ඩිජිටල් අත්දැකීම් වේදිකාව (digital experience platform) හරහා හැකර්වරුන් විසින් හානිකර JavaScript කේතයක් ඇතුළත් කිරීමෙන් මෙම ප්‍රහාර එල්ල වී ඇති බවයි. පරිශීලකයින්ගේ අන්තර්ජාල අත්දැකීම් ඔවුන්ට ගැලපෙන පරිදි සකසා ගැනීම සඳහා බොහෝ ප්‍රධාන සමාගම් මෙම වේදිකාව භාවිතා කරයි.
මෙම ප්‍රහාරය වෙබ් අඩවි 178ක් පමණ ඉලක්ක කර ගත් අතර, එහි අරමුණ වූයේ පරිශීලකයින්ගේ ක්‍රෙඩිට් කාඩ්පත් තොරතුරු සහ ක්‍රිප්ටෝ මුදල් (cryptocurrency) සොරකම් කිරීම මෙන්ම, Apple උපාංගවලට හානි කිරීම සඳහා ඒවා තුළට විශේෂ කේත ඇතුළත් කිරීමයි.
මීට අමතරව, ඊයේ දිනයේදීම Apple සමාගම තුළ සිදුකළ දෝෂ සහිත අභ්‍යන්තර යාවත්කාලීන කිරීමක් (internal update) හේතුවෙන් ඔවුන්ගේ පද්ධති පුළුල් ලෙස අක්‍රිය විය. කෙසේ වෙතත්, මෙම බාධාව සයිබර් ප්‍රහාරයක් සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බව Apple සමාගම පැහැදිලි කර ඇත.