මාස පහක් රක්ෂිත බන්ධනාගාරයේ සිටි සුගීෂ්වරට ඇප.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර ඇප මත මුදාහරින ලෙස නියෝග කර තිබේ. ඔහු අද (18) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.

ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගත් බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් සුගීෂ්වර බණ්ඩාර මාස පහකට ආසන්න කාලයක් මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර සිටියේය.