විපක්ෂයේ පක්ෂ 6ක් සජිත් අතහැර වෙනම සන්ධානයක් පිහිටවයි

විපක්ෂයේ බහුතරය හිමි සමගි ජන සන්ධානය බරපතල බෙදීමකට ලක්ව ඇතිබව දේශපාලන ආරංචි මාර්ග පවසයි . එම පක්ෂය නියෝජනය කරනා ද්‍රවිඩ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ 6ක් පොදු වේදිකාවක් හරහා සිය ගැටලු රජයට ඉදිරිපත් කිරීමට තීරණය කිරීම හේතුවෙන් මෙම තත්ත්වය නිර්මාණය වී අති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි .

පවතින තත්ත්වය තුළ පළාත් සභා මැතිවරණයකදී නොදුරු දිනයක පැවැත්වුවහොත් ප්‍රධාන විපක්ෂය තවදුරටත් බෙදී යනු ඇති බවත්, සමගි ජන සන්ධානය සමග දේශපාලනයේ යෙදෙනා පිරිස් එම පක්ෂය හැර යනු ඇති බවත් වාර්තා වේ.

මෙම නව විපක්ෂ සන්ධානයට දෙමළ බස කථාකරනා සියළු පක්ෂ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ නියෝජිතයන්ග්ටෙන් සමන්විතය . ප්‍රමාදයකින් තොරව පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසට රජයට බල කරමින් ඕවුහු පසුගියදා පොදු දේශපාලන වේදිකාවක් සකස් කරගෙන ඒ ඔස්සේ රජයට බාල කරමින් සිටිති .

සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය, ලංකා කම්කරු කොංග්‍රසය, ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය, ඉලංකෙයි තමිල් අරුසු කච්චි, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ දෙමළ ප්‍රගතිශීලි සන්ධානය යන පක්ෂවල නියෝජිතයින් මෙලෙස සන්ධානගතව කටයුතු කිරීමට තීරණය කර ඇත.

එමෙන්ම ආණ්ඩුවට බලපෑම් කිරීමට පමණක් මෙලෙස සන්ධානගතව කටයුතු කරන බව පෙන්වාදෙන එම නියෝජිතයින් ආණ්ඩුව තම පාර්ශ්වයෙන් යම් සහයෝගයක් ඉල්ලා සිටින්නේ නම් එය සලකාබැලිය හැකි බවද ඔවුන් සඳහන් කරයි.

මේ වනවිට රටතුළ උද්ගතවෙමින් පවතින දේශපාලන තත්ත්වය හමුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අනුගමනය කරනා උදාසීන ස්ථාවරය හේතුවෙන් විපක්ෂය තුළ ඇතිව තිබෙනා කලකිරීම හේතුවෙන් මෙලෙස විපක්ෂයේ පක්ෂ වෙනම සංවිධානය වීමට පටන් ගෙන ඇතිබව දේශපාලන ආරංචි මාර්ග පවසයි .

කෙසේවෙතත් එම දේශපාලන පක්ෂ නියෝජිතයින් පෙන්වා දෙන්නේ තමන් මේ දක්වාත් සමගි ජන සන්ධානයෙන් ඉවත්වී නොමැති බවය.