රනිල්ට ඇයි මේතරම් ඉල්ලුමක් – රාජිත පිළිතුරු දෙයි .

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නැවත පාර්ලිමේන්තුවට පැමිණෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගිය පුවත හුදු මාධ්‍ය මෙහෙයුමක් පමනකැයි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න පැවසීය .

එමෙන්ම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ තමන් සමඟ පැවැත්වූ පෞද්ගලික සාකච්ඡාවකදී වර්තමාන රජයේ පිරිස් සමඟ එක්ව වැඩ කිරීමට හෝ ආණ්ඩු කිරීමට කිසිදු සූදානමක් නොමැති බව ප්‍රකාශ කළ බවද ඔහු පවසීය .

කෙසේ වෙතත් 2022 ශ්‍රී ලංකාව බංකොලොත් වූ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ එක ආසනයක් සහිතව රට බාරගත් රනිල් වික්‍රමසිංහ වසරක් ඇතුළත ඉන් මුදාගෙන තමන්ට වැඩ කළ හැකි බව ප්‍රායෝගිකව ඔප්පු කළ බවත්, එනිසා වර්තමාන පාලනය අසාර්ථක වන විට ජනතාවට නැවත ඔහුව මතක් වන බවද ඔහු පැවසීය .

වර්තමාන ආණ්ඩුව යටතේ ඉදිරියේදී රට දැඩි ආර්ථික අවදානමකට සහ අරාජිකත්වයකට ගමන් කරන බවට ජාත්‍යන්තර මූල්‍ය ශ්‍රේණිගත කිරීමේ ආයතන පවා අනතුරු අඟවා ඇති බව පෙන්වා දුන් ඔහු පසුගිය දිනවල ඩොලරය හමුවේ රුපියල අවප්‍රමාණය වූ අවස්ථාවේ රනිල් නැවත් පැමිණෙන්නේම හොඳ බව ජනතා මතය වූ බව ඔහු සඳහන් කළේය .

පෞද්ගලික රූපවාහිනී නාලිකාවක ඊයේ (04) පැවැති දේශපාලන වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේ,