පරිසර දින සැමරුම් සතියට සමගාමීව පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ සංචාරක ප්‍රවර්ධනය සඳහා විද්‍යුත් ආරෝපණ Buggy Cart රථ දහයක් පරිත්‍යාග කිරීම පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩිගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) සිදු කෙරිණි.
එම පරිශ්‍රයේ පැවැති ආයුර්වේද හා වෙළඳ ප්‍රදර්ශනයේ සමාප්ති දිනය පැවැත්වුණු අතර එම අවස්ථාවේදී මෙම රථ භාරදීම සිදුවිය.
උද්භීද උද්‍යානයට දීර්ඝ කාලයක් පුරා පැවති අවශ්‍යතාවයක් සපුරාලීමේ වැඩපිළිවෙළක් ලෙස සංචාරකයන්ගේ ගමන් පහසුව සඳහා විද්‍යුත් වාහන (EV) ලබා දීම නව රජය යටතේ සිදු කෙරිණි. දෛනිකව දේශීය හා විදේශීය සංචාරකයන් විශාල පිරිසක් පැමිණෙන උද්භිද උද්‍යානයේ ක්‍රියාකාරීත්වය වඩාත් කාර්යක්ෂම කිරීම මෙහි අරමුණ බවද නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.

පරිසර හිතකාමී විද්‍යුත් වාහන සංචාරක කළාප තුළ ප්‍රවර්ධනය කිරීම සඳහා රජය විශේෂ අවධානයක් යොමු කර ඇති අතර, ඉදිරියේදී එම කළාප “ශුන්‍ය විමෝචන (Emission Zero)” කලාප බවට පරිවර්තනය කිරීමේ අරමුණින් විවිධ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙමින් පවතින බව ද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.
මෙම අවස්ථාවට මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක මහතා ඇතුළු මහජන නියෝජිතයන් සහ උද්භිද උද්‍යානය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රැසක් සහභාගී වූහ.
නදීක දයා බණ්ඩාර – මහනුවර සිට .