22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා වන පනත ගැසට් කරයි.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා වන පනත් කෙටුම්පත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදි ගැසට් කර ඇත .

එම පනත් කෙටුම්පතට අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 67ක් වන අතර, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 65 ක් ලෙසද සංශෝධනය කර තිබේ.

කෙසේ වෙතත් අගවිනිසුරුවරයා විශ්‍රාම ගත යුතු දිනය ඔහු වයස අවුරුදු 67 ට එළැඹෙන දින හෝ ඔහු අගවිනිසුරු ධුරයට පත්වන දිනයේ සිට වසර 6 ක කාල සීමාවක් සම්පූර්ණ වන දිනය යන දින දෙකෙන් මුලින් පැමිනෙන දිනය ලෙස එම ගැසට් නිවේදනයේ දැක්වෙයි .