18 හැවිරිදි කැනේඩියානු තරුණියගේ ගමන් මල්ලේ කෝටි 35 ක හෙරොයින් .

රුපියල් මිලියන කෝටි 35කට අධික වටිනාකමකින් යුත් හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 36 කට ආසන්න ප්‍රමාණයක් තම ගමන් මලුවල සඟවාගෙන මෙරටට රැගෙන ආ 18 හැවිරිදි කැනේඩියානු ජාතික තරුණියක කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර තරුණිය ටොරොන්ටෝ නුවර සිට ඩුබායි හරහා එමිරේට්ස් ගුවන් සේවයට අයත් යානයකින් ඊයේ රාත්‍රී 10:40 ට පමණ කටුනායක ගුවන්තොටුපොළ වෙත ළඟා වී ඇති අතර
ගුවන්තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සිදුකරන ලද සාමාන්‍ය පරීක්ෂාවන් අතරතුරදී ඇයව සැකපිට ප්‍රශ්න කිරීම්වලට ලක්කර තිබේ.

එහිදී ඇය සතුව තිබූ ගමන් බෑග් දෙකක් සෝදිසි කිරීමේදී, ඒ තුළ සූක්ෂ්ම ලෙස සඟවා තිබූ බර කිලෝග්‍රෑම් 35.265ක් වූ මෙම හෂීෂ් මත්ද්‍රව්‍ය තොගය සොයාගැනීමට හකිවූ බව ගුවන්තොටුපොළ ආරංචිමාර්ග පවසයි . ඉදිරි නීතිමය පියවර සඳහා සැකකාරිය සහ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතය.