හිතුන ගමන් ඉස්පිරිතාලෙට ගිහින් බෙහෙත් ගන්න එක නතර කරනවා .

සුළු රෝගී තත්ත්වයකදී රෝහලකට යාම වෙනුවට වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත නිවසේ සිට ප්‍රතිකාර ලබාගත හැකි සෞඛ්‍ය සේවා ක්‍රමයක් රට තුළ ඇති කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය . ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (06) පැවති ජන හමුවකට එක්වෙමින්.

කොත්තමල්ලි පානය කර විවේක ගන්නා ලෙස වෛද්‍යවරයා උපදෙස් ලබාදෙන්නේ නම්, ඒ සඳහා අනවශ්‍ය ලෙස රෝහලකට යාම අවශ්‍ය නොවන බවත්, එවැනි ක්‍රමයක් හරහා අනවශ්‍ය ලෙස ඖෂධ ලබාගැනීම සහ සෞඛ්‍ය සේවයට සිදුවන ඖෂධ නාස්තිය අවම කළ හැකි බවද ඔහු පැවසීය .

වෛද්‍ය නිර්දේශයකින් තොරව ජනතාවට කැමති රෝහලකට යන වත්මන් ක්‍රමය වෙනස් කර, ප්‍රාථමික වෛද්‍යවරයාගේ නිර්දේශය මත ඉහළ මට්ටමේ රෝහලකට යොමු කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීමට බලාපොරොත්තු වන බවත්, මෙරට ජනගහනය මිලියන 22ක් පමණ වන නමුත්, වසරකට බාහිර රෝගී අංශ හරහා මිලියන 80 ක් ඖෂධ ලබාගැනීම් සිදුවන බවද ඔහු සඳහන් කළා.

එම තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය සේවයේ ඖෂධ සහ සම්පත් විශාල වශයෙන් වැය වන බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ඒ අනුව සෑම පවුලකටම වෛද්‍යවරයෙකු සම්බන්ධ වන සෞඛ්‍ය මධ්‍යස්ථාන ක්‍රමයක් ඇති කිරීමට රජය සැලසුම් කර ඇති බවත්, ලබන වසරේදී රට පුරා ආරෝග්‍ය මධ්‍යස්ථාන 1,000ක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. එහිදී එහිදී ප්‍රාථමික වෛද්‍යවරයා විසින් රෝගියාගේ තත්ත්වය තීරණය කිරීමෙන් අනතුරුව අවශ්‍ය නම් පමණක් ඉහළ මට්ටමේ රෝහලකට යොමු කිරීමට නියමිත වන බවද ජනාධිපතිවරයා සඳහන් කළේ.