දඹුල්ලේදී පසුගිය සඳුදා පැවැති තුන්කොන් එක්දින තරගාවලියේ ඉන්දීය ශ්‍රී ලංකා තරගය අවසානයේ ඉන්දීය පිතිකරු වෛභවී සූර්යවංශී විසින් ශ්‍රී ලංකා පන්දු යවන කුගදාස් මතුලන් හට බැන වැදීමේ සිද්ධියට අදාලව විනය පියවර ගැනීමට ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය (ICC) මැදිහත් නොවනා බව වාර්තා වේ.
මෙම තරගාවලිය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (ICC) මෙහෙයවීමෙන් පැවැත්වෙන්නක් නොවන බැවින් එම තත්ත්වය උදාවී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි . ඒ අනුව දඬුවම් සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීමේ බලය අදාළ ක්‍රිකට් පාලක මණ්ඩල නියෝජිතයින්ට සහ තරගාවලියේ නිලධාරීන්ට පැවරෙන බව එම ආරංචිමාර්ග පවසයි .
කෙසේ වෙතත් එම තරගය අතරතුර ඇති වූ උණුසුම්කාරී වාග් සංග්‍රාමයට අදාලව, ශ්‍රී ලංකා A කණ්ඩායමේ ක්‍රීඩක විෂේන් හැළඹගේ සහ ඉන්දියා A කණ්ඩායමේ පිතිකරු වෛභව් සූර්යවංශී යන දෙදෙනාට දඬුවම් පැනවීමට නිර්දේශ කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඔහුන් දෙදෙනාගේ තරග ගාස්තුවෙන් 50% මුදලක් දඩ ලෙස අයකර ගැනීමට තරග තීරකවරයාගේ වාර්තාවෙන් නිර්දේශ කර ඇතැයි පැවසේ . ඉදිරි කටයුතු සිදුකිරීම සඳහා ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ අදාළ ක්‍රිකට් බලධාරීන් වෙත ව්ම වාර්තාව යොමුකර ඇත .