සුරේෂ් සලේ ජාතික රෝහලට ඇතුළත් කරයි .

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරල් සුරේෂ් සලේ ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචිමාර්ග තහවුරු කරයි .

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ඔහු, මේ දක්වා පසුවුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේය.

එහිදී තමාට අමානුෂික වදහිංසා සිදුකරන බවට පවසමින් ඔහු ආහාර වර්ජනය කරමින් උපවාසයක් ආරම්භ කර තිබුණි.

මේ අතර, තමන්ගේ මරණය ආසන්න බව හැඟෙන බැවින් දෑස් දන්දීමට හා සිය අවසන් කැමැති පත්‍රය සැකසීමට අවශ්‍ය ලිපිලේඛන රැගෙන කඩිනමින් එන්නැයි සුරේෂ් සලේ මහතා දැනුම්දුන් බව ඔහුගේ නීතිඥයින් අද (07) අනාවරණ කර තිබේ.