සුනඛයන් ලියාපදිංචි නොකළහොත් දඩ ගසන්නට බලය දෙන නව පණතක් .

සුනඛයන් එන්නත් කිරීම, සුනඛ ගහනය පාලනය කිරීම සහ සුනඛයන් වාණිජ අරමුණු සඳහා අභිජනනය කිරීම නියාමනය කිරීම සඳහා වන පනත් කෙටුම්පතක් ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇත.

ජලභීතිකා රෝගය තුරන් කිරීමේ සහ සුනඛයන් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත වශයෙන් එය හඳුන්වා ඇති අතර ඒ තුළ සුනඛයන් ලියාපදිංචි කිරීමට අදාළ විධිවිධාන මෙන්ම ජලභීතිකා රෝගය තුරන් කිරීමට අදාළ ජාතික හා ප්‍රාදේශීය කමිටු පිහිටුවීමට අදාළ විධිවිධාන ඇතුළත් වේ.

එයට අනුව සෑම පළාත් පාලන ආයතනයක්ම සුනඛයින් ලියාපදිංචි කිරීමට අදාළ රෙජිස්ටරයක් පවත්වාගෙන යායුතු අතර ලියාපදිංචි නොකරන ලද සුනඛයින් සම්බන්ධයෙන් දඩ මුදල් නියම කර තිබේ. ලියාපදිංචි නොකරන ලද සුනඛයෙක් සඳහා ලියාපදිංචි ගාස්තුවට අමතරව රුපියල් 2000ක දඩ මුදලක් යෝජනා කර තිබේ.