ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව පොලිස්පතිවරයා වෙත ලැබෙනතුරු ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගැනීමට නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්. යූ. වුට්ලර් මහතා මාධ්‍යට පැවසීය .
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2019 වසරේදී ලබාදුන් ජනාධිපති සමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා තීන්දු කළේය.
අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකර තිබුණේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසිනි.