සංඝාධිකරණයක් නොවේ භික්ෂූ කථිකාවත් පනත සම්මත කිරීම ප්‍රශ්ණයට විසඳුමයි.

වර්තමානයේ පවතින ශාසනික ගැටළුවලට විසඳුම සංඝ අධිකරණයක් ගොඩනැඟීම නොව “භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත” සක්‍රීය කරගැනීම පමණක් බව පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියෝ පවසති .

සංඝ අධිකරණයකට වඩා බුදුරජාණන් වහන්සේ දේශනා කළ විනය පිටකයේ එන ශික්ෂාපද මහා සංඝරත්නය උදෙසා ප්‍රමාණවත් බවත්, දැනට ශාසනයට අත්‍යවශ්‍යම වී ඇත්තේ දීර්ඝ කාලයක සිට ආණ්ඩුවලින් ඉල්ලා සිටින “භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත” සක්‍රීය කරගැනීම පමණක් බවත් උන්වහන්සේ පවසති .

කතිකාවතක් යනු ඒ ඒ නිකායන්ට අයත් භික්ෂූන් වහන්සේලා පාලනය වන අභ්‍යන්තර ව්‍යවස්ථාව බවත්, ඊට නිසි නෛතික බලයක් ලබාදෙන මෙන් මහ සඟරුවන කලක සිට ඉල්ලා සිටිනා නමුත් ආණ්ඩුව එම ප්‍රධාන කාර්යය මඟහරිමින් සිටිනා බවත් උන්වහන්සේ පවසති .