ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පිතිකරණ පුහුණුවට හෂාන් තිලකරත්න පත්කරයි .

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පිතිකරණ පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න පත්කර ඇත. පසුගිය අගෝස්තු 20 වැනිදා සිට 2027 දෙසැම්බර් 31 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි මෙම පත්කිරීම සිදුකර ඇතිබව වාර්තා වේ .

1989 වසරේ සිට 2003 වසර දක්වා ජාතික කණ්ඩායම නියෝජනය කළ හෂාන් තිලකරත්න
ටෙස්ට් ක්‍රිකට් තරග 83 කට සහ එක්දින ජාත්‍යන්තර තරග 200 කට ශ්‍රීලංකාව නියෝජනය කරමින් ක්‍රිඩා කර ඇත .