ශ්‍රී ලංකාව ආකර්ෂණීය ජාත්‍යන්තර ආයෝජන ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කරමින් විදේශ ආයෝජන ලංකාවට ගෙන ඒමට දැක්වූ දායකත්වය අගය කරමින්, ඕස්ට්‍රේලියා – ශ්‍රී ලංකා ව්‍යාපාරික සභාව විසින් සංවිධාන කළ ව්‍යාපාරික සම්මාන උළෙලේදී “ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා විශිෂ්ට දායකත්වය වෙනුවෙන් පිරිනමන සම්මානය” S. A. Thomson Nerys සමාගම වෙත හිමිවේ.
ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල සිටින ජාත්‍යන්තර ආයෝජකයන් ශ්‍රී ලංකාවේ උසස් මට්ටමේ ආයෝජන අවස්ථා සමඟ සම්බන්ධ කිරීමේ S. A. Thomson Nerys හි ගමන්මඟේ සුවිශේෂී සන්ධිස්ථානයකි. එමෙන්ම, ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික හා ව්‍යාපාරික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා S. A. Thomson Nerys දරන ප්රයත්නයන් ද මෙයින් ඇගයීමට ලක්ව තිබේ.
සෘජු විදේශ ආයෝජන ලංකාවට ගෙන එමින් Port City Colombo, ICC Bay One, John Keells Properties, Home Lands සහ Prime Lands ඇතුළු සුවිශේෂී දේපළ සංවර්ධන ව්‍යාපෘති ඕස්ට්‍රේලියානු ආයෝජන වෙළෙඳපොළ වෙත හඳුන්වා දීම සහ ප්‍රවර්ධනය කරන තමන්ට ලැබුණ මෙම ඇගයීමල ජාත්‍යන්තර ප්රාග්ධනය සහ ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා අතර සබඳතා ගොඩනඟමින්, ආයෝජකයන් සඳහා දිගුකාලීන වටිනාකමක් නිර්මාණය කරමින් සහ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට දායක වෙමින් ඉදිරියටම ගමන් කිරීමට නව උද්යෝගයක් ලබා දෙයි.
“S A Thomson Nerys වෙත එන ආයෝජකයෙක්ට ලංකාවේ අයෝජනය කිරීම සදහා වන හොදම දේපල තෝරාගැනීමේ අවස්ථාව විවෘත කර දී තිබෙනවා. ලංකාවේ ප්‍රධානපෙලේ සියලුම ආයතනවල දේපල අප ආයතන හරහා අලෙවි කරන නිසා තමන්ට අවශ්‍ය නිවරදිම තේරීම කිරීමේ හැකියාව උදාවී තිබෙනවා. තමන්ගේ අවශ්‍යතාවය අනුව, තමන්ට ගැලපෙනම දේපල අප ආයතනය හරහා ලබාගැනීමේ හැකියාව තිබෙනවා” S A Thomson Nerys සමාගමේ සභාපති සංජික අබේරත්න පැවසුවේය.
ලංකාවේ දේපල ජාත්‍යන්තරය වෙත ගෙන යාමේදී සුවිශේෂී සංදිස්ථානයක් තබමින් S A Thomson Nerys සමාගම මේ වන විට කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ ජාත්‍යන්තර සංවර්ධන උපදේශකයෙක් ලෙසද කටයුතු කරමින් සිටී. ඒ අතරම ලංකාවේ ප්රමුඛ පෙලේ දේපල සංවර්ධන සමාගම් සමග ඇතිකරගෙන තිබෙන උපායමාර්ගික හවුල්කාරීත්වය තුළින් ලංකාවේ ආයෝජන අවස්ථාවන් ලෝකය වෙත ගෙන යාමට S A Thomson Nerys සමාගම කටයුතු කරමින් සිටී.
ලංකාවේ දේපල ජාත්‍යන්තරය වෙත ගෙන යමින් ඔස්ටේ්රලියාවේ සිඩ්නි නුවරදී විශේෂ එක්ස්පෝ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති S A Thomson Nerys සමාගම, ලංකාවේ දේපල සදහා වැඩි ආයෝජක ආකර්ශනයක් දිනාගැනීම සදහා මෙල්බර්න් නුවරදීද එක්පෝ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ලංකවේ දේපල ඕස්ට්‍රේලියාවෙන් පිටතට ගෙන යමින් ඉදිරියේදී ඇමරිකාවේ, කැනඩාවේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ යුරෝපයේ විශේෂ එක්ස්පෝ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටද අපේක්ෂා කරන බව සංජික අබේරත්න සදහන් කළේය.

S A Thomson Nerys සමාගම දේපළ ආයෝජන, ජාත්‍යන්තර ව්‍යාපාර සංවර්ධනය සහ රටවල් අතර ආයෝජන ප්‍රවර්ධනය යන ක්ෂේත්රයන්හි ක්‍රියාකාරී සමාගමකි. ඕස්ට්‍රේලියාවේ සහ අනෙකුත් ජාත්‍යන්තර වෙළෙඳපොළවල ආයෝජක ජාලයන් ශ්‍රී ලංකාවේ දේපළ හා ව්‍යාපාරික ආයෝජන අවස්ථා සමඟ සම්බන්ධ කිරීම සමාගමේ ව්‍යාපාරික උපායමාර්ගයේ ප්‍රධාන අංගයකි.
මෙම ජයග්‍රහණය ලබා ගැනීම සඳහා සහයෝගය දැක්වූ වටිනා ගනුදෙනුකරුවන්ට, සංවර්ධන හවුල්කරුවන්ට, ව්‍යාපාරික සහකරුවන්ට මෙන්ම ජාත්‍යන්තර මෙහෙයුම් කටයුතුවල නිරත කණ්ඩායම් සාමාජිකයන්ට කෘතඥතාවය පළ කරන බවද සියලුදෙනාම සමාගම කෙරෙහි තැබූ විශ්වාසය, කැපවීම සහ අඛණ්ඩ සහයෝගය මෙම ඇගයීම ලබා ගැනීමට අතිශයින්ම වැදගත් බවද S A Thomson Nerys හි සභාපති සංජික අබේරත්න පැවසුවේය.
මෙම ඇගයීම, ජාත්‍යන්තර ප්රාග්ධනය සහ ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා අතර සබඳතා ගොඩනඟමින්, ආයෝජකයන් සඳහා දිගුකාලීන වටිනාකමක් නිර්මාණය කරමින් සහ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට දායක වෙමින් ඉදිරියටම ගමන් කිරීමට නව උද්යෝගයක් ලබාදී ඇත