වෙනිසුලා භූ කම්පනයෙන් මරණ 3342 ක් . තවත් 41000 අතුරුදහන්.

වෙනිසියුලාවට බලපෑ භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව වේගයෙන් ඉහළ යමින් පවතින බවත්, මේ දක්වා සුන්බුන් අතරින් මළ සිරුරු 3342 ක් සොයාගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය පවසයි .

තවත් පුද්ගලයින් 41,000 කට අධික සංඛ්‍යාවක් අතුරුදන්ව ඇති බවත් ඒ අනුව ඉදිරියේදී මරණ සංඛ්‍යාව තවත් වැඩිවීමේ ඉඩකඩ පවතින බවත් වාර්තා වේ.

පසුගිය ජූනි මස 24 වනදා වෙනිසියුලාවට තත්පර 34 ක පරතරයක් සහිතව හටගත් ප්‍රභල භූ කම්පන දෙකකට මුහුණ දුන්නේය . ඉන් තුවාල ලැබූ පුද්ගලයින් 16,000 කට අධික සංඛ්‍යාවක් මේ වන විටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනා බව වාර්තා වෙයි . සිදුවූ දේපොළ හානිය තවමත් තක්සේරුකර නැත .