ෆේස්බුක් පාවිච්චි කරන්නේ මෝඩයෝ – දයසිරි කියයි .

සිය දේශපාලන කටයුතු පිළිබඳව නිතිපතා යාවත්කාලීන වන නිල ෆේස්බුක් පිටුවක් පවත්වාගෙන යනු ලැබුවද, ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය “මෝඩයන්ගෙන් පිරී ඇති” බවත්, එය “බුද්ධිමත් මිනිසුන් විවාද කරන ස්ථානයක් නොවන” බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පැවසීය .

මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු පැවසූවේ ෆේස්බුක් යනු අර්ථවත් සාකච්ඡා සඳහා වන අවකාශයක් ලෙස තමන් නොසලකන බැවින් එම සමාජ මාධ්‍ය වේදිකාවෙන් තමන් වැළකී සිටින බවයි.

රජය විසින් විපක්ෂයේ දේශපාලනඥයන් අපරාධකරුවන්, ජාතිවාදීන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හෝ දූෂිතයන් ලෙස හංවඩු ගසමින් ඔවුන් අපකීර්තියට පත්කිරීමට උත්සාහ කරන බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා පැවසූවේ එවැනි සාවධ්‍ය ලේබල් අලවා විපක්ෂ දේශපාලන ක්‍රියාකාරීන් නිහඬ කිරීම ආන්ඩුවේ උපක්‍රමය වී ඇති බවයි .

කෙසේ වෙතත් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පෞද්ගලිකව ෆේස්බුක් භාවිත නොකරන බව පැවසුවද, ඔහුගේ දේශපාලන කටයුතු පිළිබඳ වීඩියෝ, ප්‍රකාශ සහ තොරතුරු ඇතුළත්, නිතිපතා යාවත්කාලීන වන පොදු ෆේස්බුක් පිටුවක් පවතී .