මීගමුව බන්ධනාගාරයේ කැරැල්ල උත්සන්න වෙයි . 15 කට වඩා මරුට

ඊයේ පැවති කලබලකාරී තත්ත්වය මර්ධණය කිරීමෙන් අනතුරුව මීගමුව බන්ධනාගාරයේ අද (06) උදෑසන නැවතත් ගැටුමක් ඇතිවී තිබේ .

එම ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් ඇතුළු 15 කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, ඒ අයගේ දේහයන් මේ වන විට බන්ධනාගාරයෙන් පිටතට ගනිමින් පවතින බවත් වාර්තා වේ.

ගැටුමෙන් තුවාල ලැබූ 50ක පමණ පිරිසක් මීගමුව රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් වැඩි පිරිසක් ආරක්ෂක අංශ නිලධාරීන් බව සඳහන්ය.

බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවූවන් මේඅන විට ආරක්සාන නිළධාරීන්ගේ ගිනි අවි පැහැරගෙන සිටිනා බවත්, බන්ධනාගාරය තුළින් අඛණ්ඩව වෙඩි හඬ ඇසෙනා බවත් වාර්තා වේ. තත්ත්වය පාලනය කිරීම සඳහා මීගමුව පොලීසියට අමතරව මීරිගම, වේයන්ගොඩ ඇතුළු අවට පොලිස් ස්ථාන වෙතින් ද නිලධාරීන් කැඳවීමට කටයුතු කර ඇත.

පොලිස් විශේෂ කාර්යය බළකාය ද බන්ධනාගාරයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අනුයුක්ත කර තිබේ.