ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්ය වාර්තා කර තිබේ. ඒ අනුව, WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 103.38ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය 1.35% ක වැඩිවීමකි.
එමෙන්ම බ්රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 116.54ක් ලෙස සටහන් වී ඇති අතර එය 1.44% ක ඉහළ යාමකි.
කෙසේ වෙතත් Murban බොරතෙල් බැරලයක මිල ඩොලර් 114.76 ක් ලෙස සටහන් වී ඇති අතර එය 0.39% ක පහළ යාමකි.