විදෙස් ගමන් තහනමට පෙර ප්‍රේමලාල් ජයසේකර තායිලන්තයට පැනලා .

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකරට එරෙහිව පසුගිය සිකුරාදා අධිකරණ මගින් විදේශ ගමන් තහනමක් පනවනු ලැබුවද, ඒ වනවිටත් ඔහු රටින් පිටව ගොස් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණයන් කරගෙන ඇත.

ප්‍රේමලාල් ජයසේකර ඇතුළු තිදෙනෙකුට එළඹෙන ඔක්තෝබර් 21 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය, පසුගිය සිකුරාදා ඔවුන්ට එරෙහිව විදේශ ගමන් තහනමක් ද පනවන ලදී. ඒහෙත් ප්‍රෙමලාල් ජයසේකර අගෝස්තු 31 වන දින තායිලන්තය බලා පියත්ව ගොස් ඇතිබව වාර්තා වී අතැයි අපරාධ් අපරීක්ෂණ දෙපාරතමේන්තුව පවසයි .

2015 වසරේදී ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරේසේනගේ ජන රැළියක් අතරතුර කහවත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියකට අදාළව නඩුවවක තීන්දුවට එරෙහි අභියාචනයක් විභාගයට ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම විදෙස් ගමන් තහනම පනවා ඇත .

එම මිනී මැරුම් නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් රත්නපුර මහාධිකරණය මගින් ප්‍රේමලාල් ජයසේකර, හිටපු පළාත් සභා මන්ත්‍රී නිලන්ත ජයසිංහ සහ කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වජිර දර්ශන ද සිල්වා යන අයට මරණ දඬුවම නියම කෙරිණි.

එහෙත් පසුව එම තීන්දුවට එරෙහිව ඔවුන් ගොනුකළ අභියාචනාය සලකා බැලූ අභියාචනා අධිකරණය විසින් ඔවුන් නිදොස් කොට නිදහස් කරන ලදී. එකී තීන්දුවට එරෙහිව සිද්ධියෙන් මියගිය ශාන්ත දොඩංගොඩගේ බිරිඳ විසින් ඉදිරිපත් කළ අභියාචන පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කළේය.

අග්‍රවිනිශ්චයකාර ප්‍රීති පද්මන් සුරසේන, අචල වෙංගප්පුලි සහ ගිහාන් කුලතුංගගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම අභියාචනය විභාගයට ගන්නා ලදී.