රුහුණු කුමාරි දුම්රියේ එන මගීන්ට පානදුර සිට කොළඹ යන්නට විදුලි දුම්රියක්

කොළඹ නගරය සහ තදාසන්න ප්‍රදේශ ආවරණය වන පරිදි නව විදුලි දුම්රිය ව්‍යාපෘතියක කටයුතු ලබන වසරේදී ආරම්භ කිරීමට නියමිත බව පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් පවසයි.

නව දුම්රිය සේවාව ඇරඹීම සඳහා වන මූලික සැලසුම් මේ වන විටත් සකස් කර අවසන් බවත්, නව දුම්රිය සේවාව මෙම විදුලි දුම්රිය සේවාව මරදානෙන් ආරම්භ කිරීමට නියමිත අතර ඒ ඔස්සේ මහජනතාවට වඩාත් කාර්යක්ෂම හා උසස් ප්‍රවාහන පහසුකමක් සැලසීම රජයේ අරමුණ වන බවත් ඔහු පවසීය .

මේ අනුව බෙලිඅත්තේ සිට ‘රුහුණු කුමාරි’ දුම්රියෙන් පැමිණෙන මගීන්ට පානදුරෙන් බැස විදුලි දුම්රිය මගින් කොළඹ නගරයට ළඟාවීමට අවස්ථාව හිමිවන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

හම්බන්තොට පැවැති ජනහමුවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.