රුසියානු ප්‍රහාරයෙන් යුක්‍රේනයේ 27 ක් මරුට

යුක්‍රේනයට එල්ලවූ රුසියානු ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරවලින් පුද්ගලයින් 27ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි . ඊට අමතරව 80 කට ආසන්න පිරිසක් එම ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති බවද පැවසේ .

කියුව්හි සටන් විරාමය ආරම්භ වීමට පැය කිහිපයකට පෙර මෙම ප්‍රහාර එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරයි .

පොල්ටාවා සහ කාර්කිව් පළාත්වල ඇති යුක්‍රේන රාජ්‍ය ගෑස් ගබඩා සංකීරණයක් වෙත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල වී ඇති බව එරට රාජ්‍ය බලශක්ති සමාගමක් වන නැෆ්ටෝගාස් හි ප්‍රධාන විධායක නිලධාරී සර්හි කොරෙට්ස්කි තහවුරු කර ඇත . එම ප්‍රහාරයෙන් දැඩි හානි සිදුවී ඇති බවත්, එම නිසා ගෑස් නිෂ්පාදන අඩු විය හැකිබවත් ඔහු පවසයි .