විශ්‍රාමික යුද හමුදා සෙබළෙකු 2018 වසරේදී පැහැරගෙන ගොස් ඝාතනය කර අතුරුදන් කිරීමේ සිද්ධියට ආධාර අනුබල දීම සහ කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවට ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
2018 වසරේ සැප්තැම්බර් 09 වැනිදා කිරිඳිවැල ප්‍රදේශයේදී සිදුවූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය අඛණ්ඩ විමර්ශන සිදුකරමින් සිටිනා ලදි . එදිදී ලද තොරතුරකට අනුව, අවශ්‍යව සිටි සැකකාරිය ඊයේ (07) දහවල් නාරංගස්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත .
අත්අඩංගුවට ගත් සැකකාරිය 49 හැවිරිදි නාරංගස්පිටිය, කිරිඳිවැල ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර, ඇය මරණකරුගේ බිරිඳ බව පොලිසිය සඳහන් කළා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරේ.