බන්ධනාගාරවල පවතින දැඩි තදබදයට විකල්පයක් ලෙස, සුදුසු නඩු කටයුතුවලදී රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරෙන සැකකරුවන් සහ වැරදිකරුවන් නිවාස අඩස්සියේ රඳවා තැබීම සඳහා නව පනත් කෙටුම්පතක් කඩිනමින් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත .
අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අවස්ථාවක ලබා දී ඇති ප්‍රතිපත්තිමය අනුමැතියට අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් මෙම පනත් කෙටුම්පත සකස් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇත . ඒ අනුව පනත් කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද කෙටුම්පත තවදුරටත් සමාලෝචනය කිරීම සඳහා 2025 ජුනි 23 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මූලික අනුමැතිය හිමිව විය .
එහිදී ඊට ඇතුළත් කළ යුතු තවත් වැදගත් සංශෝධන කිහිපයක් හඳුනාගන්න ලද අතර, එම විධිවිධානද ඇතුළත් කර පනත් කෙටුම්පත කඩිනමින් අවසන් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබාදීමටයි අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත. අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙම අනුමැතිය අමාත්‍ය මණ්ඩළය විසින් ලබාදෙන ලදි .