බදුල්ල රෝහලේ වෛද්‍යවරයාගේ මෘතදේහය කැලෑවකින් හමුවෙයි .

ඊයේ උදයේ සුට අතුරුදන් වූ බව පැවසෙන බදුල්ල රෝහලේ විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරයාගේ මෘතදේහය මහියංගනය මාපාකඩවැව ප්‍රදේශයේ කැලෑවක ගලක් මත තිබී හමුවී ඇතිබව වාර්තා වේ .

මෙම වෛද්‍යවරයා පසුගිය 23 උදෑසන අවසන් වරට රාජකාරියේ යෙදී සිට ඇති අතර ඔහු ඊයේ (24) දින රාජකාරි සඳහා වාර්තා නොකළ බැවින් සිදුකළ සොයාබැලීම්වලදී වෛද්‍යවරයාගේ මෝටර් රථය මහියංගනය දෙසට ධාවනය වන බව මීගහකිවුල ප්‍රදේශයේ CCTV කැමරාවක සටහන්ව ඇති බව වාර්තා විය .

පොලිසිය සහ හමුදා නිලධාරීන් එක්ව කළ සොයා බැලීමකදි වෛද්‍යවරයාගේ මෝටර් රථය බදුල්ල – මහියංගනය ඇල මාර්ගයේ 17 කනුව මාපාකඩවැව ප්‍රදේශයේ තිබී සොයා ගන්න ලදි . අනතුරුව සිදුකළ සෝදිසි කිරීමකදී වෛද්‍යවරයාගේ මෘතදේහය අසල වූ කුඩා වනරොදක ගලක් මත තිබී සොයාගැනීමට පොලිසියට හැකිව තිබේ.