පොලු පහරකින් පොලිස් නිළධාරියෙක් මරුට .

පසුගිය 25 වනදා සිදු වූ ආරවුලකදී පොල්ලකින් සිදු වූ පහරදීමක් හේතුවෙන් රෝහල්ගත කළ පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

සිද්ධියෙන් අනතුරුව බරපතළ තුවාල ලැබූ එම නිලධාරියා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (13) මෙලෙස මියගොස් ඇත. ඔහු වැල්ලව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ අයෙක් බවත්. මියයන විට 54 හැවිරිදි වියේ පසුවූ බවත් වාර්තා වේ.