පොලිස්පති සහ අගවිනිසුරුගේ නිවාස වීඩියෝ කළ පුද්ගලයෙක් අත් අඩංගුවට.

පොලිස්පතිවරයාගේ සහ අගවිනිසුරුවරයාගේ නිල නිවාස අවට මාර්ගය ජංගම දුරකථනයක් ආශ්‍රයෙන් වීඩියෝ ගතකළ පුද්ගලයෙකු කුරුඳුවත්ත පොලීසිය විසින් ඊයේ (6) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇතිබව් වාර්තා වේ.

සුඛෝභෝගී මෝටර් රථයකින් පැමිණි පුද්ගලයකු මෝටර් රථය නවතා පොලිස්පතිවරයාගේ නිල නිවස අසල මාර්ගයේ සිට වීඩියෝ ගත කරන බවට ප්‍රධාන දොරටුවේ රාජකාරී යෙදී සිටි විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරියෙකු දැක ඇත .

ඔහු ඒ බව හදිසි ඇමතුම් අංශය දැනුවත් කිරීමෙන් පසු කුරුඳුවත්ත පොලිසි ස්ථානයේ සංචාරක රාජකාරී යෙදී සිටි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් එම සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුගේ ජංගම දුරකථනය පරික්ෂා කිරීමේදී පොලිස්පතිවරයාගේ නිවස අවට මාර්ගය මෙන්ම අගවිනිසුරුතුමාගේ නිල නිවස සහ ඒ අයට මාර්ගද වීඩියෝ කර තිබෙන බව දැකගැනීමට හැකිව ඇත .

සැකකරු අළුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් ඔහු අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිත බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි .