පෙම්වතිය මරා මොටර් රියේ දමාගිය පෙම්වතා පොලිසියට කෝල් එකක් දීලා

තෙල්දෙණිය රෝහල ආසන්නයේ මෝටර් රථයක් තිබී ඊයේ සොයාගත් කාන්තා මළ සිරුර පිළිබඳව පොලිසියට දුරකථන ඇමතුම ලබාදී ඇත්තේ එම කාන්තාවගේ පෙම්වතා බව විමර්ශණ වලින් අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි .

මියගිය කාන්තාව ජූනි 03 වන දින සිට ජුනි 16 වන දින දක්වා නුවරඑළිය ප්‍රදේශයේ හෝටලයක නවාතැන්ගෙන සිට ඇති බවත්, ඇය 33 වැනි වියේ පසුවූ වැලිගම ප්‍රදේශයේ පදිංචිකාරිනියක බවත් පොලීසියට අනාවරණය කරගෙන තිබේ.

එම කාන්තාව නැවති සිටි නුවරඑළිය හෝටලයේ සී.සී.ටී.වී දර්ශණ පරික්ෂාවේදී පෙම්වතා බවට සැකකරන පුද්ගලයා විසින් එම කාන්තාව අසීරුවෙන් ඔසවාගෙන යන ආකාරය දැක ගත හැකි වූ බව පැවසේ .

මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය, පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා තෙල්දෙණිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. මෙම කාන්තාවගේ මරණය ඝාතනයක්ද නැතින්ම වෙනත් හේතු මත සිදුවූවක්ද යන්න තීරණය කර ගැනීම සඳහා නුවරඑළිය පොලිසිය පරීක්ෂණ පවත්වයි .