පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවෝ 24 දෙනකුට එරෙහිව අධි චෝදනා 23,270 ක් ගොනු කරමින් විභාග වන පාස්කු මහ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය අද (13) පස්වරු 1.00ට අවසන් විය .
පැමිණිලි පාර්ශ්වයේ සාක්ෂිකරුවන් ලෙස 2309 ක පිරිසක් සාක්ෂි ලබා දුන් අතර එහි අවසාන සාක්ෂිද අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙය වූ අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර අධිකරණයට දැනුම් දුන්නේ සාක්ෂි විභාගය අවසන් කරන බවයි.
ඒ අනුව වසර 5 කට ආසන්න කාලයක් තුළ දින 547ක් පමණ දීර්ඝ වශයෙන් ඉදිරිපත් කෙරුණු පැමිණිල්ලේ සාක්ෂි විභාගය අවසන් විය. එහිදී විනිසුරු මඩුල්ල දැනුම් දුන්නේ නඩුවේ විත්තියේ සාක්ෂි විභාගය ලබන 17 වැනිදා ආරම්භ කරන බවයි. අනතුරුව විත්තිවාචික කැඳවිමේදි විත්තිකරුවන්ට ඇති ව්‍යස්ථාපිත අයිතිවාසිකම් පහදා දුන් අධිකරණය චුදිතයන්ට අවශ්‍ය නම් සාක්ෂි කුඩුවට පැමිණි දිවුරුම් පිට සාක්ෂි ලබා දිය හැකි බවද බවත් එසේ ලබා දෙන සාක්ෂි හරස් ප්‍රශ්න වලට භාජනය වන බවත් දෙමල භෂා පරිවර්තකගේ මාර්ගෙයෙන් කරුණු පහදා දුන්නේය. එමෙන්ම අවශ්‍ය නම් සාක්ෂි කුඩුව නොපැමිණ විත්තිකුඩුවේ සිට සාක්ෂි ලබා දිය හැකි බවත් එකී සාක්ෂි හරස් ප්‍රශ්න වලට භාජනය නොවන බවද පහදා දුන්නේ ය. එසේම චුදිතයන්ට පෙර කී කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන විත්ති කුඩුවේ නිහඬ සිටිමටද හැකි බව පහදා දුන්නේ ය.
නඩුවේ විත්තිකරුවෝ 25 ක් නම් කර සිටි අතර 2021 වසරේදී එක් විත්තිකරුවකු මිය ගියේය. ඒ අනුව විත්තිකරුවෝ 24 දෙනෙකුට 2021.10.04 අධි චෝදනා භාර දුන් අතර 2022.10.15 වැනිදා අධිචෝදනා කියවා දුන්නේය.
මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ (සභාපති), සුජීව නිශ්ශංක සහ රාමනාදන් කන්නන් යන සෙසු මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ මෙම නඩුව විභාග වේ.
පැමිණිල්ලේ සාක්ෂි විමසීමේදී විත්තිකරුවන් දුන් පාපෝච්චාරණ කිහිපයක් ස්වේච්ඡාවෙන් දී ඇති බව ඒ සඳහා පැවැති සත්‍යතා පරීක්ෂණයේදී සනාථ විය.
චූදිත යින්ගේ පාපොච්චාරණ 10 ක් සාක්ශි ලෙස පිලිගෙන ඇත . රජයේ රස පරික්ශක වාර්තා ගනනාවක් සහ ඩී.එන්.ඒ වාර්තා සහ වෛද්‍ය වාර්තා සහ පශ්චාත් මරණ පරික්ෂණ වාර්තා විශාල ප්‍රමාණයක්ද සාක්ෂි ලෙස ලකුණු කර තිබේ. නඩු විභාගයේදී සහරාන්ගේ මරාගෙන මැරෙන කණ්ඩායමේ සාමාජිකයකු රජයේ සාක්ෂිකරුවකු වෙමින් කරුණු රැසක් අනාවරණය කර ඇත .
ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර, අතිරේක සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා, අධිනීතිඥවරුන් වන සජිත්ත බණ්ඩාර, ශක්ති ජාගොඩආරච්චි, අකිලා දල්පදාදු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත නීතිඥ කණ්ඩායමක් පැමිණිල්ල මෙහෙයවයි.