ප්‍රජාතාන්ත්‍රවාදය විනාශ කරමින් ඒකාධිපති පාලනයක් ඇති කරන්නට ආණ්ඩුව කටයුතු කරනවා

22 වැනි ආණඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අධිකරණයේ ස්වාධිනත්වයට හානි වී නිතියේ ආධිපත්‍ය වල් වැදෙන බවත් දැනටමත් හැමදාම වෙඩි තැබීම් සිදුවන නිසා නීතියේ ආධිපත්‍ය අවම වී ඇති රටේ 22 වැනි සංශෝධනයෙන් නැත්තටම නැති වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

වත්මන් ජනාධිපතිවරයා විපක්ෂය මන්ත්‍රීවරයෙක්ව සිටිනා කාලයේ එවකට රජය 20 වැනි සංශෝධනය ගෙන ආ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ 2/3 ට අමතර ව ජනමතවිචරණයක් අවශ්‍ය බව පැවසු නමුත්, අද ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට රජයේ නියෝජිතයන් කියමින් යන බවත් ඔහු පෙන්වා දුන්නේය.

එදා 20 වැනි සංශෝධනය ගෙන ආ අවස්ථාවේ ජනමත විචාරණයක් ඉල්ලු ආකාරයට 22 වැනි සංශෝධනයට එවැනි ජනමත විචාරණයක අවශ්‍යයි නේද කියා තමා ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළේය

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සමගි වනිතා බලවේගයේ, රත්තොට ආසන බල මණ්ඩලය පිහිටවීමේ රැස්වීම අමතමිනි.

ජනපතිගේ බේරුවල රැස්වීම පිළිබඳව අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා එම රැස්වීම නිසා ධීවරයෝ අනාථ වී ඇති බව පැවසීය .

”ජනාධිපති මේ දවස්වල පච චාරිකා යන්න පටන් අරගෙන . ඒ වගේ රැස්වීමක් අද බේරුවල තියනවා . ඒ නිසා නිසා මුහුදු ගිය ධීවරයන්ට බේරුවල වරායට එන්න නොහැකි ලෙස පොලිසිය නිවේදනයක් නිකුත් කර ඇතිබව වාර්තා වෙනවා . අවම වශයෙන් ධීවරයන්ට හානියක් නොවෙන්න රැස්වීම් තියන්න පවා ජනපතිට නොහැකි වී තියනවා

මේ රජය මානුෂීයත්වය නැති මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරන ජනතා ස්වෛරීත්වයට තැනක් නැති, අධිකරණයේ නිදහස ගණන් නොගන්නා රජයක් බවට පත්වෙලා තියනවා . මේ ඒකාධිපතිවාදය පටන් ගත්තේ යෞවන සමාජ නිලවරණ හා සිවිල් ආරක්ෂ කමිටු නිලවරණවලින් . එම ආයතන සඳහා සාමාජිකයන් පත් කළේ පැලවත්තේ ලිස්ට් එකට . එමගින් මේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කළා. ජනතා අයිතිය පැහැර ගෙන ඒකාධිපති තනි පක්ෂ පාලනයක් ඇති කරමින් තියනවා . ” විපක්ෂ නායකවරයා පැවසීය.